spot_img
spot_img

ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, එම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය ලැබුණු බවය.

මෙවර LPL තරගාවලියේ දක්ෂතා අතර සිටි චමිඳු වික්‍රමසිංහ සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක් වේ.

නිමාවූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් වනිඳු හසරංග නායකයා ලෙස පත්කළ අතර ශ්‍රී ලංකාව ලද පරාජයෙන් පසු වනිඳු නායකත්වයෙන් ඉල්ලා අස්වන බව පසුගියදා සඳහන් කළේය.

ඒ අනුව ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා 20 -20 කණ්ඩායම මෙහෙයවීමේ වගකීම චරිත් අසලංකට හිමිව තිබේ.

නිමාවූ එල් පී එල් තරගාවලියේදී ශූරතාව දිනාගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේද චරිත් අසලංකයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය පහතින් දැක්වේ.

චරිත් අසලංක (නායක)
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
කුසල් ජනිත් පෙරේරා
කමිඳු මෙන්ඩිස්
දසුන් ශානක
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
මතීෂ පතිරණ
නුවන් තුෂාර
දුනිත් වෙල්ලාලගේ
දුෂ්මන්ත චමීර
බිනුර ප්‍රනාන්දු
දිනේෂ් චන්දිමාල්
අවිශ්ක ප්‍රනාන්දු
චමිඳු වික්‍රමසිංහ

තරග තුන බැගින් සමන්විත එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි දෙකක් සඳහා සහභාගී වීමට ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිනයිනට පැමිණියේය.

මුලින්ම විස්සයි විස්ස ක්‍රිකට් තරග 03කින් සමන්විත ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 27, 28 සහ 30 යන දිනවලදී රාත්‍රී 07ට මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

ඉන්පසුව කොළඹ කෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අගෝස්තු 2, 4 සහ 7 යන දින තුන තුළ පස්වරු 02.30ට එක්දින සීමිත ඕවර් 50 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...