spot_img
spot_img

දයාසිරි ජයසේකර යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාස වෙන්න ඉඩ තියන්නේ නැහැ

අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන් දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ ලේකම් යැයි පැවසුවද මෙතෙක් එය මැතිවරණ කොමිසම් සභාව විසින් පිළිගත් කිසිඳු ලියවිල්ලක් ඉදිරිපත් කර නොමැති බව එම පක්ෂයේ මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසා සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ(22) කැඳවා තිබු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

එහිදී නිමල් සිරිපාලද සිල්වා සහ දුමින්ද දිසානායක යන මහත්වරුන්ට දයාසිරි ජයසේකර මහතා විසින් අභියෝගයක්ද ඉදිරිපත් කරමින් පවසා සිටියේ ශ්‍රී.ල.නි.ප.යේ අදාළ තනතුරු දරන බවට මැතිවරණ කොමිසමෙන් ලිපියක් ලබා දී ඇත්නම් එය ප්‍රසිද්ධියේ පෙන්වන ලෙසයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් තමන්ව පිළිගත් බවත්, එය තමන්ට ලොකු ශක්තියක් බවත් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කර සිටියා.

තවදුරටත් අදහස් දැක්වු දයාසිරි ජයසේකර මහතා,

”නිමල් සිරිපාල සිල්වා පාර්ශවයේ ඉදගෙන අත උස්සන වතාවක් පාසා මේ පක්ෂය තව තවත් විනාසයට පත්වෙන එක සිද්ධ වෙනව කියන එක මා ඔබට අවධාරණයෙන් කියනවා.ඒ නිසා අපි කියනවා පක්ෂයේ නිත්‍යානුකූල ලේකම්වරයා විදියට මම අරගෙන යන මෙම ක්‍රියාදාමයට සහය දෙන්න කියලා මම ඉල්ලනවා.උසාවියෙන් දුන්න තීන්දු අපි මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරලා තියනවා.මැතිවරණ කොමිසමෙන් ඉතාම ඉක්මනින් ඒ සම්බන්ධ තීන්දුවක් දෙයි කියලා අපි විශ්වාස කරනවා.මේ ක්‍රියාවලියේ අපි ඉදිරියට යා යුතුයි.අපේ පාක්ෂිකයින්ගේ හා පක්ෂයෙන් මම ඉල්ලනවා කිසිවිටක දයාසිරි ජයසේකර යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාස වෙන්න ඉඩ තියන්නේ නැහැ.අපි පක්ෂය ගොඩ නඟන වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...