spot_img
spot_img

ගුරුපත්වීම් 16,000ක් දීලා ගුරු හිඟය විසදුවා-සුසිල්

ආර්ථික දුෂ්කරතා හමුවේ වුවත් ජාතික මට්ටමින් සහ පළාත් මට්ටමින් ගුරු පත්වීම් 16,000ක ප්‍රමාණයක් ලබා දෙමින් ගුරු හිඟයට විසඳුම් ලබාදීමට රජය සමත්වූ බව අධයාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ස්ථාවර රටකට සැවොම එක මඟකට මැයෙන් අද (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

රජය විසින් මෙරට පාසල් දරුවන් වෙනුවෙන් 2025 වර්ශයට අදාළ පාසල් නිල ඇඳුම් සැපයීම 100%ක් සිදුකරන බවත් 2025 වර්ශයට අදාල පාසල් පෙලපොත් ප්‍රාදේශීය ගබඩාවලට නිකුත් කිරීම හෙට දිනයේ සිට ආරම්භ කිරීමට නියමිත බව එහිදි අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවා.

ප්‍රධාන පෙලේ ජාතික පාසල් හැරුණු විට සෙසු සියළු පාසල් සඳහා දිවා ආහාරය ලබා දීමට කටයුතු කිරිම නිසා ලක්ෂ 17ක සිසු දරුවන් ප්‍රමාණයක් ප්‍රතිලාභ ලබන බවත් අමාත්‍යවරයා පවසා සිටියා.

එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරු වෘත්තිය ගැටලු ආශ්‍රිත කරුනු දෙකක් සඳහා විසඳුම් ලබා දීමට රජය කටයුතු කරන බව පැවසු අමාත්‍යවරයා ගුරු වෘත්තිය ගැටළු පිලිබඳ සමාලෝචනයක් සිදුකර එය නිරාකරණය කිරීමට නියමිත බව සඳහන් කළා.

ඒ සමඟ වැටුප් වර්ධක ප්‍රමාදයකින් තොරව ලබාදීමට හැකියාව ලැබෙන බවත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරිය එකඟ වූ පරිදි එළැඹෙන බදාදා දිනය වන විට අදාළ නියෝග ලිපි අමාත්‍යංශයට ලැබීමෙන් අනතුරුව පළාත් බලධාරීන් වෙත යොමු කිරීමට කටයුතු කරන බවත් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියා.

තවද දකුණු කොරියාවේ කොයිකා ආයතනය මඟින් සාගර විශ්වවිද්‍යාලය වෙත ඩොලර් මිලියන 85ක් ලබා දීමට නියමිත බවත් වෙනත් විශ්වවිද්‍යාල සඳහා ද විදෙස් ආධාර යටතේ ආරම්භ කර පසුගිය සමගේ අතරමැද නතර කර තිබුණු සංවර්ධන කටයුතුද මේ වන විට නැවත ආරම්භ කර ඇතැයිද එය විශ්වවිද්‍යාල පද්ධතියට මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහාද ඉතා වැදගත් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...