spot_img
spot_img

2024 LPL ශූරතාවය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට

2024 LPL තරගාවලියේ ශූරතාව දිනාගන්නට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මීට සුලු මොහොතකට පෙර හැකියාව ලැබුණා.

ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ගෝල් මාවල්ස් කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගයෙන් කඩුලු 09ක දැවැන්ත ජයග්‍රහණයක් ලැබීමත් සමගයි.

මෙම තරගයේ ජැග්නා කිංග්ස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ගෝල් මාවල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 184ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

අනතුරුව ලකුණු 185ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ජැග්නා කිංග්ස් කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 15යි පන්දු 04ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී පසුකර ගියා.

එහිදී රයිලී රූසෝ ශතකයක් රැස් කරමින් ජැග්නා ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවා බවට පත් වුණා.

අනෙක් අන්තයේ සිට ජැග්නා ඉනිම ගොඩනැගීමට වටිනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 71ක් රැස් කළා.

ඒ, අනුව 2024 එල්.පී.එල් ශූරතාව යළිත් වරක් හිමිකර ගන්නට ජැග්නා කිංග්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...