spot_img
spot_img

විදේශගතව පැමිණි ශ්‍රමිකයින් ට විශේෂ වරප්‍රසාදයක්

විදේශගත ශ්‍රමිකයන් සිය සේවා කාලය අවසන්කර නැවත මෙරටට පැමිණි පසු ඔවුන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනඟා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ රටට විදේශ විනිමය උපයා දෙමින් ඔවුන් ලබාදුන් දායකත්වයට ස්තූතිය පිරිනැමූ ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට එය මහත් ශක්තියත් වූ බවද ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (21) පෙරවරුවේ කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවැත්වුණු “විගමනික හරසර” වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

විගමනික ශ්‍රමිකයන් ශ්‍රි ලංකා ආර්ථිකයට ලබාදෙන දායකත්වය ඇගයිම සඳහා දීප ව්‍යාප්තව සංවිධානය කර ඇති “විගමනික හරසර” වැඩසටහන මෙලෙස වයඹ පළාතින් ආරම්භ කෙරුණු අතර කුරුණෑගල, පුත්තලම අනුරාධපුරය, මාතලේ හා කෑගල්ල දිස්ත්‍රික්කවල විගමනික ශ්‍රමිකයෝ 5,000ක් පමණ ඊට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සිදුකරනු ලබන සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ ව්‍යවසායකයින් නිර්මාණය කිරීම සඳහා විගමනික ශ්‍රමිකයින් යෝජනා කරන ස්වයං රැකියා ආරම්භ කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රාග්ධනය ලෙස රුපියල් 50,000 බැගින් ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...