ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ව්‍යවසායක ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ලිඛිතව පක්ෂයට තවමත් දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වන්නේ කවුදැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශනයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළා.
ඔහු සඳහන් කළේ, සුදුසු වෙලාවට අපේක්ෂකයා නම් කරන බවත්, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වන්නේ රටේ ණයත් ගෙවීමට හැකි දේශීය සම්පත් විකුණන්නේ නැති අයකු බවයි.
අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් කිහිප දෙනෙක් පක්ෂය සමග සාකච්ඡා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.
Comments




