Thursday, June 4, 2026
spot_img
spot_img

ෆොන්සේකා වෙනුවට සජබ සභාපතිකමට ඉම්තියාස්

සමගි ජන බලවේගයේ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කිරීමට නියමිත බවට පුවතක් ‘දිනමිණ’ පුවත්පත වාර්තා කරනවා.

දේශපාලන ආරංචි මාර්ගවලට අනුව සමඟි ජන බලවේගයේ සභාපති ධූරයේ වගකීම ඉටු කිරීමට කල්වේලා තිබෙන ජ්‍යෙෂ්ඨයකු වශයෙන් හඳුනාගෙන තිබෙන බාකීර් මාකාර් මහතා මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදීද සජබ ජාතික ලැයිස්තුව නියෝජනය කරන්නකු වීම ඊට ඉමහත් සහායක් වනු ඇති බව සඳහන්.

සමඟි ජන බලවේගය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද වන බාකීර් මාකාර් මහතා බේරුවල ආස නය නියෝජනය කරමින් 1988 වසරේදී මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත් වුණා

රණසිංහ ප්‍රේමදාස රජයේ නිවාස හා ඉදිකිරීමි නියෝජ්‍ය ඇමතිවරයා ද වූ හෙතෙම 2002-2004 එක්සත් ජාතික පක්ෂ රජයේ ජන මාධ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කළා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...