spot_img
spot_img

පොළොන්නරුවට ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් “ජාතික සංවර්ධන ගමන් මඟ” වැඩසටහන යටතේ ඉදිකරන ලද පොළොන්නරුව ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු අදියරේ විවෘත කිරීමේ උත්සවය ඊයේ (18) පැවැත්වුණා.

ඒ, සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

උතුරු මැද පළාත් ක්‍රිකට් සංගමයට මෙතෙක් අඩුවක්ව පැවති ජාතික ක්‍රීඩාංගණයක අඩුව මකාලමින් ජනතා අයිතියට පත්වන පොළොන්නරුව ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා ක්‍රිකට් ආයතනය වැය කර ඇති මුලු මුදල මිලියන 170ක්.

පොළොන්නරුව, හිඟුරක්ගොඩ ප්‍රදේශයේ අක්කර 45ක භූමි ප්‍රමාණයක ඉදිකර ඇති මෙම ක්‍රීඩාංගණය තණ තීරු 10කින් සමන්විතයි.

මෙම ක්‍රීඩාංගණයේ ඇති තවත් සුවිශේෂිත්වයක් වනුයේ ප්‍රධාන තණ තීරුවේ සිට ක්‍රීඩාංගණය වටාම මීටර් 80ක දුරින් හතරේ සීමාව එළීමේ හැකියාවෙන් යුක්ත වීමයි.

උතුරු මැද පළාත් ක්‍රිකට් සංගමය යටතේ පවතින අනුරාධපුරය, පොළොන්නරුව, මාතලේ, යන දිස්ත්‍රික්ක මෙන්ම නැගෙනහිර පළාතේ මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිය කුසලතා වර්ධනය කර ගැනීමට මෙම ක්‍රීඩාංගණය මඟින් අවස්ථාව සැලසෙනු ඇති.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...