spot_img
spot_img

ගැබිනි මව්වරු සහ කුඩා දරුවන්ගේ සෞඛ්‍ය ගැන හෙළිදරව්වක්

පසුගිය වසර 10ක කාලය තුළ ගර්භිණී මව්වරුන් සහ කුඩා දරුවන් දියවැඩියාව සඳහා ගොදුරුවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදී තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ දියවැඩියාව සහ හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදිත පුළුගහපිටිය මහතා සඳහන් කළේ මේ වනවිට නාගරික ප්‍රදේශ තුළ ජීවත්වන පුද්ගලයින්ගෙන් සියයට 20ක් පමණ දියවැඩියා රෝගයට ගොදුරුවී ඇති බවයි.

දියවැඩියාව රෝගයේ, රෝග ලක්ෂණ සහ ඉන් මිදීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද විශේෂඥ වෛද්‍ය උදිත පුළුගහපිටිය මහතා වැඩිදුරටත් පවසා සිටියේ,

“අපි සෑම දෙනාම දියවැඩියාවට ගොදුරු නොවී ජීවත්වීමට උත්සාහ ගත යුතුයි. ඒ වෙනුවෙන් පැයක් හෝ පැය භාගයක් ව්‍යායාම කිරීම අත්‍යවශ්‍යයයි. අධික සීනි සහිත ආහාර අඩු කරලා වැඩි වශයෙන් එළවලු, මස්, මාළු සහිත ආහාර වෙලකට යොමු වීමෙන් සහ තමාගේ උසට සරිලන බර පවත්වා ගැනීමෙන් දියවැඩියාවෙන් තෙරව ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට පුළුවන්.පවුලේ සාමාජිකයෙකුට දියවැඩියාව තිබෙනවා නම්, අධික රුධිර පීඩනය, කොලෙස්ට්‍රරෝල් නමැති රෝගී තත්ත්වය තිබෙනවා නම්, බෙල්ල ප්‍රදේශයේ කළු පැහැ ගැන්වීමක් වගේ දකින්න තිබෙනවා නම්, මුහුණ ප්‍රදේශයේ කෙස් වැවීම වැනි තත්ත්වයන් තිබෙනවා නම් එවැනි අවස්ථාවලදී දියවැඩියාව තිබේදැයි දැන ගැනීම සඳහා පරීක්ෂා කරගැනීම වැදගත්.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...