spot_img
spot_img

පොලිස්පති තනතුරට එරෙහි නඩුවේ තීන්දුව දෙන්න දිනයක්

පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා සිය ධූරය කටයුතු කිරීම වළකාලන අතුරුනියෝගයන් නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව මෙම මස 24 වැනි දින ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ දැනුම් දුන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත් කිරීමට එරෙහිව ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමි සලකා බැලීමෙන් පසුවය.

මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ මහින්ද සමය වර්ධන සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීණි.

පුරා දින හයකට අධික කාලයක් මෙම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු ර සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18) රාත්‍රී නමයට පෙත්සම සම්බන්ධ කරුණු සලකා බැලීම අවසන් කෙරිණ .

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය අගරද ගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා ඇතුළු පිරිසක් විසින් ගොනුකොට ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...