spot_img
spot_img

Onmax DT ලොක්කගේ තවත් ඉඩමකට තහනමක්

නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනු සිදු කළ “Onmax DT” ආයතනයේ අධ්‍යක්ෂක ධනංජය ජයාන් නැමැත්තාට අයත් රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් අත්තනගල්ලේ පිහිටි අක්කර දෙකහමාරක ඉඩමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (18) තහනම් කර තිබෙනවා.

නීති විරෝධී ලෙස ජනතා මුදල් වංචා කර ඇති එම ආයතනයේ අධ්‍යක්ෂකවරුන්ගේ සියලු දේපළ වහාම අත්පත් කරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට මීට පෙර දින ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයකට අනුව රහස් පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන අධිකරණයට වාර්තා කළ අත්තනගල්ලේ ඉඩම මෙලෙස තහනම් කළ මහේස්ත්‍රාත්වරයා, ඒ පිළිබඳ අත්තනගල්ල ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට දැනුම් දීමටයි නියම කර ඇත්තේ.

වංචනික මුදල් වලින් එම ආයතනයේ අධ්‍යක්ෂකවරුන් දේපළ මිලදී ගෙන ඇති බවටත්, මුදල් විවිධාකාර ආයෝජනය වලට ලක්කර තැන තැන හංගා ඇති බවටත්, මීට පෙර අවස්ථාවක ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ ආයතනයේ අධ්‍යක්ෂකවරුන්ගේ සියලු දේපළ වහාම අත්පත් කරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කර තිබුණා.

ඒ අනුව, මහෙස්ත්‍රාත්වරයා නියම කර ඇත්තේ, අදාළ නඩුව අගෝස්තු 07 වැනිදා යළි කැඳවීමටයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...