spot_img
spot_img

රජයේ ඉඩම් 56,000ක් බලෙන් අල්ලගෙන

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රට පුරා ඉඩම් අක්කර 56,000ක් පමණ විවිධ පුද්ගලයන් අනවසරයෙන් අල්ලා ගෙන ඇතැයි මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය වි තිබුණා.

එසේම රජය නිථ්‍යානුකූලව පවරා නොදුන් ඉඩම් අක්කර දහස් ගණනක් වතු සමාගම් අත්පත් කරගෙන ඇති බවද එම කාරක සභාවේදී හෙළිවූ බව මන්ත්‍රී ගාමිනී වලේබොඩ මහතා පවසනවා.

ඒ අනුව වතු සමාගම් බලහත්කාරයෙන් භුක්ති විඳින ඉඩම් වහාම අත්පත් කර ගැනීම සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට නිර්දේශ කර තිබෙනවා.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා එම කොමිසමේ ප්‍රධානීන් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට පසුගියදා කැඳවනු ලැබුවා.

මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදී.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුව දැනට නිදහස්ව පවතින්නේ ඉඩම් අක්කර හත්දාහක් පමණක් බව එහි නිලධාරීන් කාරක සභාවට පෙන්වා දුන්නා.

මේ අනුව කොමිෂන් සභාව සතු ඉඩම් ප්‍රමාණ පිළිබඳව වාර්තාවක් ලබාගන්නා ලෙස කාරක සභාව එම කොමිසමට උපදෙස් ලබා දී තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...