spot_img
spot_img

ඩුබායි කුමරිය ඔන්ලයින් දික්කසාද වෙයි

ඩුබායි කුමාරිකාව වන ෂෙයිකා මාහ්රා බින්ට් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් සිය දික්කසාදය ඇයගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පසුගියදා නිවේදනය කරනවා.

ඉස්ලාම් පිළිවෙත් අනුගමනය කරමින් ඇය දික්කසාද පණිවුඩය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ තබා ඇත. “මා ආදරණිය සැමියානෙනි” ලෙස ආරම්භ වෙන එම පණිවුඩය “මම ඔබව දික්කසාද කරනවා, දික්කසාද කරනවා, දික්කසාද කරනවා” ලෙස අවසන් වේ. ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ෂෙයිකාට අනුගාමිකයන් ලක්ෂ 4 කට වඩා සිටී. ෂෙයිකා මාහ්රා වර්තමාන ඩුබායි පාලකයාට සිටින දරුවන් 26 දෙනාගෙන් එක් අයෙක්.

ඉස්ලාම් ආගමට අනුව සැමියන් තෙවරක් දික්කසාද කරන බව පැවසීමෙන් සිය බිරිඳව දික්කසාදය ලබා දෙන අතර එය ට්‍රිපල් තලාක් ලෙස හඳුන්වයි. කෙසේ වෙතත් මෙම පණිවුඩය තහවුරු කර ගැනීමට ඩුබායි පාලකයා සහ ෂෙයිකාගේ සැමියා සම්බන්ධ කර ගැනීමට බී.බී.සී පුවත් සේවය උත්සාහ දරා ඇතත් එය අසාර්ථක වී තිබෙනවා.

ෂෙයිකා තැබූ පණිවුඩය සත්‍ය නම් සමාජ මාධ්‍ය ඔස්සේ දික්කසාද වූ ප්‍රථම රාජකීයයා ඇය වනු ඇති බවද පැවසෙනවා.

30 හැවිරිදි ෂෙයිකා මාහ්රා බින්ට් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් සහ ෂෙයික් මනා බින් මොහොමඩ් බින් රෂීඩ් බින් මනා අල් මක්ටුම් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ විවාහ දිවියට එළඹී අතර සිය ප්‍රථම දරුවා මීට මාස දෙකකට පෙර ෂෙයිකා බිහි කළා.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...