spot_img
spot_img

කුරුණෑගල හිටපු නගරාධිපතිගේ දඬුවම අඩු කෙරේ

කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිරදඬුවම් නියම වී සිටි කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුගේ සිර දඬුවම එක් වසරක් දක්වා අඩු කිරීමට අභියාචනාධිකරණය අද (17) නියෝග කළේය.

එම විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම්වල තීන්දුව දෙමින් විනිසුරු පී.කුමාරන්රත්නම් මහතාගේ එකඟතාවය සහිතව අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

එම සිරදඬුවම කුරුණෑගල මහාධිකරණය විසින් එම තීන්දුව ලබා දුන් 2023 වසරේ දෙසැම්බර් මස 14 වනදා සිට ක්‍රියාත්මක විය යුතු බවත් තීන්දුවේ සඳහන් වුණි.

2020 වසරේ කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ චෝදනාවන්ට කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු කුරුණෑගල මහාධිකරණය හමුවේ වරද පිළිගත් අතර ඉන් අනතුරුව ඔවුන්ට බරපතළ වැඩ සහිත වසර තුනක් බැගින් සිරදඬුවම් සහ දඩ නියම කරනු ලැබීය.

එම සිරදඬුවම නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු විත්තිකරුවන් විසින් මෙම අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ අභියාචනා පෙත්සම්වල තීන්දුව දෙමින් අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...