spot_img
spot_img

කෝටියක කප්පම් ඉල්ලා මිතුරාව පැහැරගත් 4ක් අත්අඩංගුවට

කුවේට් රාජ්‍යයේ සේවය කර සිට මෙරටට පැමිණි සිටි පුද්ගලයෙකු මාවතගමදී පැහැරගෙන ගොස් නාරම්මල පාළු නිවසක රඳවාගෙන සිටි සැකකරුවන් සිව් දෙනෙක්ව විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විමර්ශන වලදී හෙළිවී ඇත්තේ, එම පුද්ගලයා කුවේට් රාජ්‍යයේ සේවය කළ ස්ථානයේම සේවය කළ වෙනත් අයෙකුගේ සැලසුමකට අනුව මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි.

රුපියල් කෝටියක කප්පමක් ලබා ගැනීම සඳහා එම පැහැරගැනීම සිදුකර තිබුණා.

විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වී ඒම පුද්ගලයා මුදවා ගෙන සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරුවන් නාරම්මල සහ කටුපොත ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 31 – 39 වයස්වල පසුවන පුද්ගලයින් වන අතර එම පුද්ගලයාව පැහැරගැනීමට යොදාගත් කැබ් රථයද විශේෂ කාර්ය බළකාය විසින් ඔවුන්ගේ භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මාවතගම පොලීසිය විසින් සිදුකරනු ලබනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...