spot_img
spot_img

AI උගන්වන්න කතා කරන රටේ වැසිකිළි යන්න බැරිව රෝගී වූ බස්නාහිර පළාතේ දරුවෙක්

නව පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ කෘත්‍රිම බුද්ධිය ඉගැන්වීමටත්, ටැබ් පරිගණක ලබා දීමටත් යෝජනා කර ඇති පරිසරයක් තුළ පානදුර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක වැසිකිළිවල අපිරිසුදුභාවය නිසා මුත්‍රා නොකිරීමෙන් රෝගී වූ දරුවෙකු පිළිබඳව බීබීසී සිංහල සේවය වාර්තා කරනවා.

සිද්ධියට මුහුණ දුන් 13 හැවිරිදි දරුවා එම පාසලේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.

ඔහුගේ සැබෑ නම හෙළි නොකර මාධ්‍ය ආචාර ධර්ම රකිමින් බීබීසී සිංහල සේවය ඊයේ මෙම පුවත වාර්තාකර තිබුණා.

“අම්මේ මගේ බඩ රිදෙනවා. මුත්‍රා කරන්නත් අමාරුයි,” එම දරුවා මුලින් ම සිය රෝගී තත්ත්වය සම්බන්ධයෙන් සිය මව දැනුවත් කර තිබෙනවා.

එදිනෙදා නිවෙස්වල සේවය කරමින් ජීවිකාව සපයා ගන්නා ඔහුගේ මව සිය පුතුගේ අමාරුකම් ඉවසිය නොහැකි තැන වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගොස් ඇත්තේ වෙන කරන්න යමක් ඉතිරිව නොතිබූ නිසාවෙන්.

එහිදී, ඇයට දැන ගන්නට ලැබුණේ සිය පුත්‍රයාට මුත්‍රා අඩස්සි තත්ත්වයක් ඇති වී ඇති බවයි.

වෛද්‍යවරයාගේ ප්‍රශ්න කිරීමේදී දරුවා ප්‍රකාශ කර තිබුණේ, පාසලේ වැසිකිළි අපිරිසුදු හෙයින් පාසල නිම වී නිවසට පැමිණෙන තුරු මුත්‍රා නොකර සිටීමට ඔහු පුරුදු වී සිට ඇති බවටයි.

බීබීසී සිංහල සේවය : https://www.bbc.com/sinhala/articles/c3g97dnjkygo

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...