spot_img
spot_img

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කරයි

ආසියානු කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (17) නම් කෙරුණි.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩිකාවන් 15දෙනෙකු ඇතුළත් ය.

ආසියාවේ ශූරියන් කවුරුන්ද යන්න තීරණය කෙරෙන ආසියානු කුසලාන කාන්තා 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් සුදුසුකම් ලබා ඇති අතර පැවැත්වෙන තරග ගණන 15කි.

ඒ අනුව ආසියානු කුසලාන කාන්තා 20යි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය වන්නේ නායිකා චමරි අතපත්තු, විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරී, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, සුගන්දිකා කුමාරි, උදේශිකා ප්‍රබෝදනී, අචිනි කුලසූරිය, ඉනෝෂී ප්‍රියදර්ෂනී, කාව්‍යා කාවින්දී, සචිනි නිසංසලා, ෂෂිනි ගිම්හානී සහ අමා කාංචනා ය.

මෙවර ආසියානු කුසලාන 20යි 20 කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරණ අතර තරගාවලිය ලබන 19 වනදා රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු තරගය ලබන 20 වනදා බංග්ලාදේශය සමග පැවැත්වෙයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...