spot_img
spot_img

මාහාවංශය ලෝක උරුමයන් අතරට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පුස්තකාලයේ ඇති මහාවංශය පුස්කොළ පොත ලෝක උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම ඊයේ සිදු කෙරුණා.

මෙරට සංචාරයක නිරත යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඒ සඳහාවන ලෝක උරුම සහතිකය පිරිනමනු ලැබුවේ පේරාදෙණිය විශ්වවිද්යාලයේ පැවැති උත්සවයකදීයි.

පේරාදෙණිය විශ්වවිද්යාලීය පුස්තකාලයේ ඇති මහාවංශය පුස්කොළ පොත ලෝක උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඒ සඳහා වන ලෝක උරුම සහතිකය පිරිනැමීම සිදු කෙරුණේ යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ සහභාගීත්වයෙන්.

එහිදී අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඔඩ්රේ අසුලේ :

”මහා වංශය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝක ඉතිහාසය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අඩංගු පුස්කොළ එකතුවක්. එය මෙතෙක්කල් ආරක්ෂා කර ගැනීම සම්බන්ධව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට මම කෘතඥතාව පළකරනවා. යුනෙස්කෝව මගින් ලෝක උරුමයන් ලෙස නම්කළ ස්ථාන 08 ක් ශ්‍රී ලංකාවේ පවතිනවා. පසුගිය වසර 75 ක කාලයේ දී ශ්‍රී ලංකාව යුනෙස්කෝව සමග මනා සම්බන්ධතාවක් පවත්වා ගනිමින් කටයුතු කළා.මානව ශිෂ්ඨාචාරයේ ඓතිහාසික වටිනාකම්වලින් යුත් මූලාශ්‍ර ආරක්ෂා කරගැනීමට පසුගිය කාලය තුළ යුනෙස්කෝව විශේෂ පියවර රැසක් ගෙන තිබෙන බව මෙහි සිහිපත් කරන්න කැමතියි. මහාවංශයේ පිටපත් කිහිපයක් ශ්‍රී ලංකාවෙන් හඳුනා ගැනීමෙන් පසු ඒ අතරින් සැබෑ ඓතිහාසික ග්‍රන්ථය හඳුනා ගැනීමට සහය වූ සියලු දෙනාට යුනෙස්කෝවේ ගෞරවය පිරිනමනවා.”

මේ අතර ශ්‍රී ලංකාව යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා වසර 75ක් සපිරීම නිමිත්තෙන් මෙරට සංචාරයක නිරත යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඔඩ්රේ අසුලේ (Audrey Azoulay) මහත්මිය අද ලෝක උරුමයක් ලෙස සැලකෙන මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වන්දනාමාන කර ගත්තා.

අනතුරුව අධ්‍යක්ෂ ජනරාල්වරිය ශ්‍රී දළදා මාලිගාවේ ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරයද නැරඹීමට එක්වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...