spot_img
spot_img

බංග්ලාදේශයේ සියලු පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමේ

බංග්ලාදේශයේ මේ දිනවල පැවැත්වෙන රජයේ රැකියා සඳහා කෝටාව ලබාදීම සම්බන්ධයෙන් විරෝධතාවලදී පුද්ගලයින් 06 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

බංග්ලාදේශ රජය නිවේදනය කර ඇත්තේ මේ හේතුවෙන් එරට සියලුව පාසල් සහ විශ්වවිද්‍යාල නැවත දැනුම් දෙනතුරු වසා දමන බවයි.

1971 පකිස්ථානයෙන් නිදහස් වීමට දියත් කළ නිදහස් සටන්කාමීන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා 30% ක වෙන්කිරීමක් ඇතුළත් රාජ්‍ය අංශයේ රැකියා කෝටාව සම්බන්ධයෙන් සති ගනනාවක් තිස්සේ බංග්ලාදේශය පුරා විරෝධතා පැවැත්වුණා.

මෙම කෝටාව මඟින් ඇතැම් රැකියා කාන්තාවන් ,වාර්ගික සුළු ජාතින් සහ ආබාධ සහිත වූවන් සඳහා ද වෙන් කර තිබෙනවා.

එමෙන්ම, තනතුරුවලින් තුනෙන් එකක් රණවිරුවන්ගේ දරුවන් සඳහා ලබාදීමටද එමඟින් තීරණය කර ඇති බව සඳහන්.

මිලියන 170ක මුළු ජනගහනයක් සිටින බංග්ලාදේශයේ මිලියන 32කට ආසන්න තරුණ තරුණියන් පිරිසක් රැකියා හෝ අධ්‍යාපනය නොලබන පිරිසක්වන අතර, මෙම රැකියා කෝටාව ඉහළ තරුණ විරැකියා අනුපාතවලට මුහුණ දෙන සිසුන් අතර කෝපය තව තවත් වැඩි කර ඇති බවයි වාර්තා වෙන්නේ

විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් ඉටු කිරීම අගමැතිනි ෂේක් හසීනා ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව මෙම විරෝධතා උත්සන්න වී තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...