spot_img
spot_img

ආණ්ඩුවේ අවසාන තුරුම්පුව 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය

ජනාධිපතිවරණය කල්දැමීමේ ආණ්ඩුවේ අවසාන තුරුම්බුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බවත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 83 (ආ) වගන්තිය ඇතුළු වගන්ති තුනක් සමඟ ගැටෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (17) පවසනවා.

මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කොළඹ අද (17) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කළා.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට නීතිමය බලතල ඊයේ දින සිට හිමිවූ බවත් ජනාධිපතිවරයාගේ නිල කාලය සහ පාර්ලිමේන්තුවෙන් නිල කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) උපවගන්තියේ සහ 62(2) උපවගන්ති ඉතා පැහැදිලිව දක්වා ඇති බවත් ඒ මහතා සදහන් කළා.

විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සහ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් යම් හෙයකින් එය සම්මත වුවහොත් දින 30 ක් ඇතුළත ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් පීරිස් මහතා සඳහන් කළා.

විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි බව කී ජී. එල්. පීරිස් මහතා පැවසුවේ ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාවේ 122(3) උපවගන්තියෙන් එය ඉතා පැහැදිලිව දක්වා ඇති බවත්ය.

විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ලැබුණත් මේ දක්වා ගැසට් කළ නොමැති බව කී ඒ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සරළ ක්‍රියාදාමයක් නොව එය සංකීර්ණ ක්‍රියාවලියකින් පසුව වන දෙයක් බව ද පෙන්වා දුන්නා.

ජනාධිපතිවරණයක් අත ළඟ තිබේදී මෙවැනි සංශෝධනයක් ගෙන එන්නේ ආණ්ඩුව මැතිවරණවලට ඇති භීතිකාව හේතුවෙන් බවත් මැතිවරණ කොම්ෂන් සභාව තව දින 13 ක් ඇතුළත ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...