spot_img
spot_img

ජනාධිපති ඡන්දෙට සල්ලි හරි

ජනාධිපතිවරණය පැවැත්වීමට ප්‍රමාණවත් මුදල් ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම්.ඒ එල් රත්නායක මහතාට අද (17) දැනුම් දුන්නා.

ඔහු මෙසේ පැවසුවේ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් හමුවූ අවස්ථාවේදීයි.

අවශ්‍යතා පරිදි මුදල් වරින්වර ගන්නා ආකාරය සම්බන්ධයෙන්ද මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර අනතුරුව දීර්ඝව සාකච්ඡා වී තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අයවැය ලේඛනයෙන් වෙන්කරනු ලැබ ඇති මුදල රුපියල් කෝටි 1000 ක්.

මේ අතර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාම යෝජනා කැඳවන දිනය මේ මස 30හෝ 31 නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සදහන් කළා.

එම දිනය සම්බන්ධයෙන් කොමිසම සාකච්ඡා කරගෙන යන බවද ඔහු පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...