spot_img
spot_img

සඳේ ගුහාවක්

සඳේ අභ්‍යන්තරය දක්වා විහිදෙන ගුහාවක් එසේත් නැතිනම් ලෙනක් පළමු වරට සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී තිබෙනවා.
මේ ලෙන මීටර් 100 ක් පමණ ගැඹුරු යැයි ද පැවැසෙනවා. මෙම ලෙන සොයා ගැනීම, වැදගත් වෙන්නේ, අනාගතයේ දිනෙක, සඳේ ගගනගාමීන් පදිංචි කරද්දී, සඳ මතුපිටට වඩා සඳ අභ්‍යන්තරයේ ස්ථිර ජනාවාස පිහිටුවීමට මෙම ලෙන යොදා ගැනීමට හැකිවේවි යැයි විද්‍යාඥයන් විශ්වාස කරන බැවින්.

විද්‍යාඥයන් පවසන්නේ, සඳේ අභ්‍යන්තරය දක්වා විහිදෙන මෙවැනි තවත් ලෙන් සිය ගණනක් තිබීමට ඉඩ ඇති බවය. සොයා නොගත් මෙම ලෙන් තුළ ද ජනාවාස ඉදි කිරීම මගින්, සඳේ පදිංචියට යන පිරිස විකිරණවලින් සහ අයහපත් අභ්‍යවකාශ කාලගුණ තත්ත්වයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට හැකියි.

ඉතාලියේ ටේ‍රන්ටා් විශ්ව විද්‍යාලයේ ලොරෙන්සා් බෲසෝන් සහ ලියනාඩෝ කාරර් යන විද්‍යාඥයන් මෙම ලෙන සොයා ගත්තේ රේඩාර් තාක්ෂණය ආධාරයෙන් සඳ සිතියම්ගත කරමිණි. මෙම ලෙන නම් කර ඇත්තේ ‘මාරේ ට්‍රැන්ක්විලටිස්’ යන නමිනි. චන්ද්‍ර පාෂාණවලින් සමන්විත ස්ථානයක මෙම ලෙන ඇතැයි පැවැසෙයි. 1969 වසරේ දී ‘ඇපලෝ 11’ චන්ද්‍ර යානය නාසා ගගනගාමීන් වන නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ‘බස්’ ඕල්ඩී්‍රන් සමඟ ගොඩබෑවේ ද මෙම ලෙන ඇති තැනට නුදුරින්

මෙම ලෙන අවුරුදු මිලියන හෝ බිලියන ගණනකට පෙර, ලාවා කුහරයක් බව පැවැසෙයි. සඳ අභ්‍යන්තරයෙන් ඉහළට නැගුණු ලාවා ගලා ආ උමඟකින් මෙම ලෙන නිර්මාණය වී ඇතැයි විද්‍යාඥයෝ පැහැදිලි කරන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉතාලි විද්‍යාඥයන්, මෙම ‘චන්ද්‍ර ලෙන, සොයා ගැනීමත් සමඟ නාසා ආයතනයේ විද්‍යාඥයන් දඒ ගැන උනන්දුවක් දක්වා ඇත. ඇමෙරිකාවේ නාසා ආයතනය, ඔවුන්ගේ ‘ආටිමීස්’ මෙහෙයුම යටතේ යළි සඳට ගගනගාමීන් යැවීමටත්, පසුව සඳ මත ජනාවාස පිහිටුවා ඒවායේ මිනිසුන් පදිංචි කිරීමටත් පිඹුරුපත් සකස් කරමින් සිටී. පළමු වරට ගැහැනියක සඳට යැවීමට නාසා ආයතනය සූදානම් වන්නේ මෙම ‘ආටිමිස්’ මෙහෙයුම් මාලාව යටතේය.

ඉතාලි විද්‍යාඥයන්ට හමුවුණු ‘චන්ද්‍ර ලෙන’ තුළ ත්‍රිමාණ තාක්ෂණයෙන් ඉදිකිරීම් සිදු කරනු ඇත. සූර්ය පැනල යොදා ගනිමින් සූර්ය බලයෙන් විදුලිය ලබා ගැනීම සිදු කෙරේ. සුප්‍රසිද්ධ ‘ප්‍රාඩා’ ඇගලුම් නිර්මාණකරුවන් සඳේ පදිංචියට යන ගගනගාමීන් වෙනුවෙන් ඇඳුම් කට්ටල නිර්මාණය කර දෙනු ඇත. එම ගගනගාමීන්ට සඳේ එහෙ මෙහෙ යෑමට, ඉලොන් මස්ක්ගේ ‘ටෙස්ලා’ සමාගම කුඩා ප්‍රමාණයේ වාහන නිර්මාණය කර දෙනුඇති.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...