spot_img
spot_img

පුළුවන් ඉක්මනින් ඡන්දෙ තියන්න – රංගේ බණ්ඩාර

හැකි ඉක්මනින් මැතිවරණය ප්‍රකාශයට පත් කර මැතිවරණය පවත්වා අවසන් කරන ලෙස ඉල්ලා සිටීම සදහා, එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියි.

එම ඉල්ලීම ඉදිරිපත් කිරීම සදහා ඔවුන් දෙදෙනා මීට සුළු මොහොතකට පෙර මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණියේ ය.

ඡන්දය වසරකින් කල් දමන්නට උත්සාහ කරමින් සිටි පක්ෂයක්, කඩිමුඩියේ ම පැමිණ, වහා මැතිවරණය පවත්වන්න යැයි ඉල්ලා සිටින්නේ ඇයිදැයි මාධ්‍යවේදියෙකු විමසූ විට, එජාප මහලේකම්වරයා පවසා සිටියේ, ඡන්දය කල්දමන්නයි කරන ඉල්ලීම් පිටුපස ඇත්තේ ජාතික ජන බලවේගය සහ සමගි ජනබලවේගය බවයි.

එම පක්ෂ, ජනාධිපතිවරණයෙන් පරාජය වන බව ස්ථිර වශයෙන්ම දන්නා බැවින් ඔවුන් මෙම මැතිවරණය කල් දමා ගැනීමට කුමන්ත්‍රණය කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසී ය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...