spot_img
spot_img

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් හා මැතිවරණ කොමිසම අතර හමුවක්

මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හා මැතිවරණ ‍කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර හමුවක් අද (17) පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.

මෙම හමුව සිදු වන්නේ, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති අවස්ථාවකදීය.

මැතිවරණයට අදාළ මූලික ලිය කියවිලි රැසක් මේ වනවිටත් මුද්‍රණයට භාර දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

මේ අතර ජනාධිපතිවරණය සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් බිලියන 10කි.

එම මුදල් සපයා ගැනීම ඇතුළු ජනාධිපතිවරණය සඳහා වැයවන මුදල නිසි කලට මහා භාණ්ඩාගරයෙන් මුදා හැරීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කිරීමට නියමිතය.

මැතිවරණයට අදාළව රාජයේ මුද්‍රණාලයාධිපතිනිය,පොලිස්පතිවරයා හා තැපැල්පතිවරයා ද පසුගිය දා මැතිවරණ කොමිසමට කැඳවා සාකච්ඡා කර තිබේ.

තව ද එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් පිරිසක් අද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් පිරිසක් ඊයේ මැතිවරණ කොමිසම හමුවිය.

මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ, ඒ අනුව ජනාධිපතිවරණය මේ මස අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...