spot_img
spot_img

බදු පැහැර හරින අයට වැඩ වරදින ලකුණු

නව බදු පැනවීමට පෙර, ගෙවීම් පැහැර හැර ඇති හා කල්ගිය බදු මුදල් අය කරගැනීම පිලිබඳව අවධානය යොමුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඔහු පවසන්නේ, ඒ සඳහා දැනට පවත්නා නීතී යාවත්කාලීන කර, එසේ පැහැර හරින බදු අය කරගැනීම සඳහා සුවිශේෂී වැඩපිළිවෙලක් දියත් කරන බවයි.

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ,

“යම් ආකාරයකින් තමන්ට බදු ගෙවීමේ අසීරුතාවයක් ඇති නම් ඒ පිළිබඳව අභියාචනා කිරීමට මෙන්ම ඒ පිළිබඳව උසාවි යෑමට ඔවුන්ට අයිතියක් තිබෙනවා. එවැනි ඇතැම් උසාවි ක්‍රියාමාර්ග වසර 30කට පමණ වැඩි කාලයක් දිගින් දිගට දිග්ගැසෙමින් පැවතීම හේතුවෙන්, අධිකරණ ක්‍රියාමාර්ගය අවසන් වනවිට ඇතැමුන් මියගොසින්.”

එමෙන්ම බදු ගෙවීමට යටත් වන්නේ මසකට රුපියල් ලක්ෂයකට වැඩි ශුද්ධ ආදායමක් ඇති අයෙක් පමණක්‌ බවත්, ඔහු වෙනත් තැනකින් බදු ගෙවීමක් කර ඇත්නම් නැවත ඔහු බදු ගෙවිය යුතු නැති බවත් ඔහු පැවසුව..

ඒ පිළිබඳව ලිඛිතව ප්‍රාදේශීය කාර්යාලයට දැනුවත් කරන ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

බදු පැහැර හරින්නන් හසු කරගැනීම වෙනුවෙන් කළ හැකි ශක්තිමත්ම දැළ එලා ඇති බවත්, තොරතුරු තාක්ෂණය සමගින් පවත්නා නීති යාවත්කාලීන කිරීමට පියවර ගෙන ඇති බවද් ඔහු කියා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...