තමා දේශපාලනයේ සිටින තුරු ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට මෙරට ජනාධිපති වීමට ඉඩ නොදෙන බව රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා පවසනවා.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්කිරීමට පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කළේ දෙගිඩියාවකින් වුවත් දැන් කිසිදු සැකයකින් තොරව ඔහුව අනුමත කරන බවත් එහිදි ඔහු පවසා සිටියා.
තවදුරටත් අදහස් දැක්වු ලොහාන් රත්වත්තේ මහතා
“අනුර දිසානායක මිනිස්සුන්ට පොඩි බෝක්කුවක්වත් හදල දීල තියෙනවද? මම දේශපාලනේ ඉන්නකම් එයාට මේ රටේ ජනාධිපති වෙන්න අපි ඉඩ තියන්නේ නෑ….කෙනෙක්ගේ උස මහතා බලලා ආරක්‍ෂක රස්සාවට විතරයි හොඳ කිව්ව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස ගැන කතා කරලා වැඩක් නෑ,”
Comments




