තමා කිසි දිනක රාජපක්ෂලා ආරක්ෂා නොකළ බවත් ආරක්ෂා කළ එකම ජනාධිපතිවරයා රණසිංහ ප්‍රේමදාස බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, මහනුවර ඊයේ (14) පැවැති උත්සව අවස්ථාවකට එක්වෙමින්.
ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, ජනාධිපති රණසිංහ ප්‍රේමදාසට එරෙහිව සිය පක්ෂයෙන්ම දෝෂාභියෝගයක් පැමිණි අවස්ථාවේ මුලින්ම ඉදිරියට පැමිණියේ තමන් බවයි..
තමන් සමගි ජන බලවේගය සමග එකතු වී දූෂණයට එරෙහිව සටන් කිරීමට සූදානම් බවත්, ඊට පළමුව පාසල් සඳහා බස් රථ බෙදීමට මුදල් දෙන්නේ කවුදැයි හෙළි කළ යුතු බවත්, රනිල් වික්‍රමසිංහ අවධාරණය කළා.
Comments




