Thursday, June 4, 2026
spot_img
spot_img

නාම යෝජනා කැඳවන දිනය මේ මස අග

ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවන දිනය මෙම මස අගදී මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම කොමිසමේ සභාපති එන්.එම්.ආර්.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලව ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය අනිද්දා (17) මැතිවරණ කොමිසමට ලැබෙන බව රත්නායක මහතා පැවැසුවේය. නාම යෝජනා කැඳවන දිනය මෙම මස අගදී ප්‍රකාශයට පත් කිරීම තුළින් ජනාධිපතිවරණයට සූදානම් වීම සඳහා මැතිවරණ කොමිසමට ප්‍රමාණවත් කාලයක් ලැබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇත්තේ හැකි ඉක්මනින් ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත් කරන ලෙසය. ජනධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ දිනය හැකි ඉක්මනින් ප්‍රකාශයට පත් කරන ලෙස සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පසුගිය සිකුරාදා මැතිවරණ කොමිසමට පැමිණ ඉල්ලීමක්ද කර ඇත.

එළඹෙන ජනාධිපතිවරණයේදී භාවිත කරනු ලබන ඡන්ද හිමි නාමලේඛනය මැතිවරණ කොමිසම ඉදිරි දිනවලදී සහතික කරගනු ඇති අතර මෙම වසරේ පළමු කාර්තුවේදී යාවත්කාලීන කළ ඡන්ද හිමි නාමලේඛනයට අනුව මිලියන 17 ක පිරිසක් එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබීමට නියමිතය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...