රාජ්‍ය සේවකයින් උද්ඝෝෂණ ව්‍යාපාරවලට යොමු වීමේදී රටේ තත්ත්වය ගැන යළි යළිත් සිතා බැලිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ, ඉදිරි ජනාධිපතිවරණය සහ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ හොරණ සහ බණ්ඩාරගම ප්‍රදේශවල පැවැති එජාප කලාප නියෝජිතයින් දැනුවත් කිරීමේ රැස්වීම් වලට සහභාගී වෙමින්.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, උද්ඝෝෂණ මඟින් නැති වෙන්නේ ඔවුන්ගේම දරුවන්ගේ අනාගතය බවත්, විනෝදාංශෙට බොරු කියන සම්ප්රදාය දේශපාලන පක්ෂ විසින් නැවැත්විය යුතු බවයි.
Comments




