කාන්තාවකට අතවර කළ බවට 119 මධ්‍යස්ථානයෙන් කුලියාපිටිය පොලිසියට ලබාදුන් පැමිණිල්ලක් විමර්ශන නොකළ බව කියන ජංගම සංචාරක රාජකාරියේ යෙදී සිටි සැරයන්වරයකුගේ වැඩ තහනම් කළ බව කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසනවා.
කුලියාපිටිය පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු ඉකුත් 11 වැනිදා සිට 12 වැනිදා දක්වා ජංගම සංචාරක රාජකාරියේ යෙදී සිට තිබෙනවා.
එහිදී කුලියාපිටිය ඇඹව ප්‍රදේශයේ කාන්තාවකට කිසියම් පුද්ගලයකු විසින් අතවර කර ඇති බවට 119 හදිසි මධ්‍යස්ථානයෙන් පොලිස් ස්ථානයේ දුරකතන ක්‍රියාකරුට තොරතුරු ලබාදී ඇති අතර, එහිදී දුරකතන ක්‍රියාකරු විසින් ජංගම සංචාරයේ යෙදී සිටි පොලිසි සැරයන්වරයාට එම පැමිණිල්ල සම්බන්ධයෙන් දන්වා ඇති බවද අනාවරණය වී තිබෙනවා.




