spot_img
spot_img

අම්බානි පවුලේ සුපිරි මංගල උත්සවයට ගිය නාමල් සහ මහේල

මෑත කාලීනව වැඩිම පිරිවැයක් දැරූ විවාහ උත්සවයක් ලෙස සැලකෙන ප්‍රකට ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානිගේ පුත්‍රයා වන ආනන්ත් අම්බානිගේ සහ රාධිකා මර්චන්ට්ගේ දින 3ක විවාහ මංගල්‍යය අදින් ආරම්භ වනවා.

ලොවපුරා සිටින බලවතුන්, ක්‍රීඩකයින්, දේශපාලකයන් මෙන්ම ප්‍රසිද්ධ නළු නිලියන් රාශියක් මේ සඳහා සහභාගී වීමද විශේෂත්වයක්.

ආසියාවේ ධනවතුන් අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නා මුකේෂ් අම්බානිගේ බාල පුතුගේ මේ විවාහයට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙකුටත් ආරාධනා ලැබ තිබුණා.

ඒ, නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයෙකු වන කරන මහේල ජයවර්ධනටයි.

රෙස්ලිං ක්‍රීඩාවෙන් ලොව අමන්දානන්දයට පත් කළ ජෝන් සීනා ද මෙම විවාහ මංගල්‍යයට සහභාගී වීම විශේෂත්වයක්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම විවාහ මංගල්‍යය ඉන්දීය රුපියල් කෝටි 5000කට අධික පිරිවැයක් දරා ඇති බවයි.

එය අම්බානි පවුලේ ධනයෙන් 0.05%ක් පමණ වන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...