spot_img
spot_img

රාජිතට සජබ රැළිය තහනම්

සමගි ජන බලවේගය කළුතර දිස්ත්‍රික් රැලියට මන්ත්‍රී රාජිත සේනාරත්නට පැමිණීම තහනම් බව එම පක්ෂයේ අගලවත්ත ආසන සංවිධායක ජගත් පින්නගොඩ විතාන මහතා පවසනවා.

කළුතර දිස්ත්‍රික් සජබ රැලිය අද (13) මතුගමදී පවත්වන බව, ජගත් පින්නගොඩ විතාන මතුගම පැවැති ජනමාධ්‍ය හමුවකදී පවසා තිබෙනවා.

එහිදී ඔහු මෙසේද පැවසීය.

“මේ රැලියට රාජිත සේනාරත්න සම්බන්ධ කරගන්නේ නැහැ. රාජිත සේනාරත්නට එන්නත් බැහැ. එයාට ඒ රැලිය තහනම්. ඒක වගකීමෙන් අපි කියනවා. අපේ නායකතුමා පරාජය කරන්න මාධ්‍ය භාවිතා කරපු රාජිත සේනාරත්නට මේ රැලියට එන්න බැහැ. එයාට ආපහු සමගි ජනබලවේගයේ ඉඩක් නැහැ. අපේ පක්ෂයේ සභාපතිතුමාටත් ඉඩ දුන්නේ නැහැ අපි. ආසන අටේම සියලු දෙනා භේදයකින් තොරව එක්වෙලා අපේ ශක්තිය පෙන්වීමට මේ මතුගම ජනරැලිය යොදාගන්නවා.”

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...