අතුරුගිරියේදී වෙඩි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවේම වෙනත් ස්ථානයක තැන්පත් කර තිබෙනවා.
අවසන් ගෞරව දැක්වීම අඳහා අද (12) පෙරවරු 8.30 සිට බොරැල්ලේ පිහිටි මල්ශාලාවේ ඒ මහතාගේ දේහය තබන බව දැනුම් දී තිබුණත්, එම ස්ථානයේ මේ වන තෙක් තැන්පත් කර නොමැති බව වාර්තා වනවා.
එමෙන්ම, මේ මොහොතේ එම ස්ථානයේ දොරවල් වසා දමා ඇති අතර එය දැක බලාගැනීමට කිසිවෙකුටත් අවස්ථාව ලබාදී නැති බවත් සඳහන් වනවා.
කෙසේනමුත්, පෙරේදා රාත්‍රියේ විදෙස් රටක සිට ලැබුණු ඇමතුමකින් කරන ලද තර්ජන නිසා මේ මොහොත වන විට දේහය තැන්පත් කර ඇති මල් ශාලාවේ එම ස්ථානය දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙන බව වාර්තා වනවා.
එම ඇමතුමෙන් අනතුරු අඟවමින් පවසා තිබුණේ යම් අයුරකින් යළි ප්‍රහාරයක් එල්ලවිය හැකි බවටයි.
ප්‍රකට ව්‍යාපාරිකයකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය 8 වෙනිදායි.ක්ලබ් වසන්තගේ දේහය තවම බලන්න දෙන්නේ නැහැ




