spot_img
spot_img

කැරම් බෝඩ් නඩුව ගැන අධිකරණය දුන් නියෝගය මෙන්න

රජයට රුපියල් මිලියන 53 කට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ වත්මන් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහි නඩුවේ විත්තිවාචිකය කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළා.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය මගින් කැරම් බෝඩ් හා දාම් ලෑලි මිලදීගෙන ඒවා ක්‍රීඩා සංගම් අතර බෙදාහැරීම තුළින්
එම පාඩුව සිදුකළ බවට ඔවුන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබුණා.

මෙම නඩුවේ විත්තිවාචිකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන්නේද? නැත්නම් විත්තිවාචිකය කැඳවනවාද යන නියෝගය ප්‍රකාශ කරමින් අමල් රණරාජා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.

ඉන් අනතුරුව විත්තිවාචිකය ඉදිරිපත් කිරීම අගෝස්තු මස 23 වනදා සිදුකරන ලෙසත් විනිසුරු මඩුල්ල විත්ති පාර්ශවයට නියෝග කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...