spot_img
spot_img

තිලක් රාජපක්ෂ සහ ලලිත් එල්ලාවලත් සජබෙට

නිදහස් ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන වෛද්‍ය තිලක් රාජපක්ෂ සහ ලලිත් එල්ලාවල ඉදිරියේදී සමගි ජන බලවේගයට එක්වීමට නියමිත බව වාර්තා වනවා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම ප්‍රම්‍රඛ නිදහස ජනතා සභාව සමගි ජන බලවේගය සමග ඉදිරියේදි සන්ධනාගත වීම ස්ථිර බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පසුගියදා ප්‍රකාශ කළා.

එම පක්ෂය නියෝජනය කළ මහාචාර්ය ජී.එල්. පීරිස් ඩිලාන් පෙරේරා, නාලක ගොඩහේවා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනකු පසුගිය අප්‍රේල් මස 05ස් වැනිදා සමගි ජන බලවේගය සමග සන්ධානගතව කටයුතු කිරීමට පියවර ගත්තා.

කෙසේ වෙතත් නිදහස් ජනතා සන්ධානය නියෝජනය කරමින් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චරිත හේරත්, ඇතුළු පිරිසක් ද ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගය සමග එක්ව කටයුතු කිරීමට මේ වන විට තීරණය කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...