Friday, May 8, 2026
spot_img
spot_img

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමට අලුත් වැටක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වළක්වාලීම අරමුණු කරගනිමින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සමග එකඟතා ගිවිසුම්වලට එළඹීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, මධ්‍යම පරිසර අධිකාරිය සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සමග මේ වනවිටත් එකඟතා ගිවිසුම්වලට එළඹ ඇති බව වාර්තා වනවා.

ශ්‍රි ලංකා රේගුව සමග ද ඊයේ (10) දිනයේදී එකඟතා ගිවිසුමකට එළඹ තිබුණා.

මුදල් විශුද්ධිකරණය හෝ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැනි පොලීසිය මගින් සිදුකරන ලබන විමර්ශනවලට අවශ්‍ය තොරතුරු පහසුවෙන් හුවමාරු කරගැනීම සඳහා අනෝන්‍ය එකඟතාවයන්ට පැමිණීම මෙහි අරමුණයි.

මෙමගින් දීර්ඝ කාලයක් තිස්සේ පොලිස් විමර්ශන සඳහා තොරතුරු ලබාගැනීමේ දී පැවති ප්‍රමාදවීම් අවම වන බවත් අදාළ විෂයයන් සම්බන්ධව මනා පලපුරුද්දක් ඇති නිලධාරී කණ්ඩායමක් සම්බන්ධ කරගැනීමෙන් එම කටයුතු කාර්යක්ෂමව ඉටුකර ගැනීමට හැකියාව පවතින බවත් පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කළා

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...