spot_img
spot_img

දුම්රිය වර්ජනය දිගටම | දුම්රිය මගීන් අදත් අනාතයි

දුම්රිය ස්ථානාධිපති සංගමය ඇතුළු දුම්රිය ප්‍රධාන වෘත්තීය සමිති තුනක් ක්‍රියාත්මක කර ඇති වර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව දුම්රිය ස්ථානාධිපති සංගමය විධායක කමිටු සාමාජිකයෙක් සදහන් කළා.

දුම්රිය බලධාරීන් සිය ඉල්ලීම් ඉටු කරන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බවත් බලපෑම් කර වෘත්තීය සමිති මර්ධනය කළ නොහැකි බව ආණ්ඩුව ඇතුළු දුම්රිය බලධාරීන් අවබෝධ කරගත යුතු බවත් එම නිලධාරියා වැඩිදුරටත් අප සමග පැවසුවා.

වර්ජනය පැවතිය ද දුර ගමන් සේවා දුම්රිය 15 ක් පමණ අද පෙරවරුවේ ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසුවා.

මේ අතර අද පෙරවරුවේ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක වූ අතර එම දුම්රියන්හි දැඩි මගී තදබදයක් දක්නට ලැබුනා.

ඇතැම් දුම්රිය ස්ථාන වල සේවා කවුළු පවා විවුර්ත කර තිබුනේ නැහැ.

තවත් දුම්රිය ස්ථානවල තමන්ගේ ගමන්තයන් දක්වා යාම සදහා විශාල පිරිසක් දුම්රියක් එනතුරු බලාසිටි බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...