spot_img
spot_img

මහින්දානන්ද කැරම් බෝඩ් නඩුවෙනුත් නිදහස් වෙයිද ? තීරණය අද

2015 ජනාධිපතිවරණය ආසන්නයේදී සතොස ආයතනයට ගෙන්වූ කැරම් බෝඩ් 14000ක් සහ දාම් බෝඩ් 11000ක් දේශපාලන වුවමනාවන් මත ක්‍රීඩා සංගම්වලට බෙදාදීමෙන් රජයට රුපියල් කෝටි 5 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් එවකට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට සහ එවකට සතොස සභාපති, වත්මන් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර ඇති නඩුවෙන් ඔවුන්ව විත්තියේ සාක්ෂි නොකැඳවාම නිදහස් කරන්නේද නැද්ද යන නියෝගය අද (11) දිනයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

අමල් රණරාජා, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මහේන් වීරමන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

මෙම නියෝගය ජුලි 09 වනදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණත් එදින ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල සම්පූර්ණ වී නොතිබුණු බැවින් අද දිනය දක්වා එය කල් තබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...