spot_img
spot_img

බුදුන් දේශනා කළේ යුද්ධය නොවෙයි සාමය

බුදුන් වහන්සේ ඉගැන්වූයේ සාමය මිස යුද්ධය නොවන බව, ඔස්ට්‍රියාවේ වියානා අගනුවරට ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර, එරට ඉන්දීය ප්‍රජාව අමතමින් පැහැදිලි කළා.

ඉන්දියාව මෙම 21 වැනි සියවසේ ඉදිරියට යන්නේ සාමයේ පණිවුඩය රැගෙන බවත්, ඉන්දියාව සැමවිටම සාමය වෙනුවෙන් කැපවී සිටින බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නා.

‘වසර දහස් ගණනක් තිස්සේ අප (ඉන්දියාව) අපේ දැනුම ලොවට බෙදා දෙනවා. බුද්ධ දර්ශනය අනුව, ඉන්දියාව හැමවිටම ලෝකයට ගෙන යන්නේ සාමයයි. යුද්ධය නොවෙයි.’ යැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඔස්ටි්‍රයාවේ ඉන්දීය ප්‍රජාව අමතමින් කියා සිටියේය. ඔස්ට්‍රියාවේ වෙසෙන ඉන්දියානුවන් ගණන 31,000 ක්.

අග්‍රාමාත්‍ය මෝදි දෙදින නිල සංචාරයක් සඳහා වියානා බලා පැමිණියේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමෙන් පසුවයි.

ඔස්ට්‍රියා ජනාධිපති ඇලෙක්සැන්ඩර් වොන් ඩර්ලින් සහ චාන්සලර්වරයා වන කාර්ල් නෙහැමර්ගෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ලැබුණේ ඉතාමත් උණුසුම් පිළිගැනීමක්. ඉන්දු ඔස්ට්‍රියා ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට මෝදි සමත් වුණා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු මේ අයුරින් ඔස්ට්‍රියාවට පැමිණියේ වසර 40 කට වඩා වැඩි කාලයකින් පසුවයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...