සමාගම් පනත යටතේ සංස්ථාපනය හෝ ලියාපදිංචි කර ඇති සමාගම් අතුරින් සක්‍රීය තත්ත්වයේ පවතින සමාගම් ප්‍රමාණය හඳුනා ගැනීම සඳහා දැනට පවතින පනතෙහි ප්‍රතිපාදන නොමැති බැවින්, ඒ සඳහා නව නීතියක් පැනවීම යෝග්‍ය බවට හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව, 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද හෝ ලියාපදිංචි කරන ලද සමාගම් නැවත ලියාපදිංචි කිරීමට විධිවිධාන සැලසීම සඳහා නව නීතියක් හඳුන්වා දීමටත්, ඒ සඳහා සකස් කරනු ලැබ ඇති සංකල්ප පත්‍රිකාව මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත්, කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
Comments




