spot_img
spot_img

ක්ලබ් වසන්තගේ ඝාතකයන් අතින් මරු දුටු නයන වාසුල

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවන් අතින් වෙඩිවැදී මියගිය 38 හැවිරිදි නයන වාසුල විජේරත්නගේ දේහය මාලඹේ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත්කර තිබුණා.

ඔහු මෙම සිදුවීමෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන ප්‍රසිද්ධ ගායන ශිල්පිනී කේ. සුජීවාගේ නිත්‍යානුකූල ස්වාමිපුරුෂයා බවට මාධ්‍ය වාර්තා පළකරණ අතර ඔහුගේ දේහය භාරගෙන තිබුණේ ඇයගේ දියණියන් විසින්.

නයන වාසුල වසර 20ක් පමණ ගම්පහ මහානාම හිමියන් නමින් පැවිදි දිවියක් ගතකළ අයෙකු වන අතර එවක විචිත්‍ර ධර්ම කථිකයෙකු ලෙසද ප්‍රචලිතයි.

පැවිදි දිවියට සමුදී 2021 වසරේ ප්‍රසිද්ධ ගායන ශිල්පිනී කේ. සුජීවා සමඟ විවාහ දිවියට එලැඹ ඇති අතර ඔහු එදින ටැටූ ආයතනය විවෘත කිරීමේ අවස්ථාවට එක්ව තිබුණේ ඒ සඳහා ඇයට ලැබුණු ඇරයුමට අනුවයි.

ඔහු සමග එකම දිනයක පැවිදි දිවියට ඇතුළුවූ පූජ්‍ය අඹන්පොළ ඥාණතුසිත හිමියන් සිය පැවිදි මිතුරා පිළිබඳව මෙලෙස මතකය ආවර්ජනය කළා.

නිසළවිල සදහම් විහාරයේ විහාරාධිපති පූජ්‍ය අඹන්පොළ ඥාණතුසිත හිමි,

“ඒ කාලේ උන්වහන්සේට මහා ප්‍රසිද්ධියක් ලැබෙන්න පටන් ගත්තා. ඒත් සමග සැප සම්පත් ඇඳී එන්න පටන් ගත්තා. ඒ නිසා පැවිදි ජීවිතයක් ගත කිරීමට තිබූ ඇල්ම ටිකෙන් ටික නැතිවෙලා ගියා.”

නයන වාසුල විජේරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ තලාහේන පොදු සුසාන භූමියේදී සිදුකෙරුණා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...