Thursday, May 7, 2026
spot_img
spot_img

මම කිසිවක් දැන සිටියේ නෑ – දුලාන් සන්ජුල

ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනාගෙන් පොලීසිය තවදුරටත් ප්‍රශ්න කරමින් සිටී.

ඝාතකයන් හැර දමා ගිය ඔවුන් පාවිච්චි කළ වාහනවල ලියාපදිංචි හිමිකරුවන් මුල් කරගනිමින් එම විමර්ශන ක්‍රියාත්මකය.

ව්‍යාපාරිකයකු වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත, ජුලි 08 වනදා අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක සිදුකළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණි.

එම අවස්ථාවේ එහි සිටි ප්‍රසිද්ධ ගායන ශිල්පිනී කේ. සුජීවාගේ සැමියා වන නයන වාසුල නමැත්තාද මියගිය අතර කේ.සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිය, තවත් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණි.

පසුව සිදුවීමට අදාළව ඝාතනය සිදුවූ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු වන දුලාන් සන්ජුල නමැත්තා ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (09) අත්අඩංගුවට ගත්තේය.

එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු පවසා තිබුණේ එම ව්‍යාපාරය ආරම්භ කිරීමට ලොකු පැටී නැමැති අපරාධකරු තමන්ට රුපියල් ලක්ෂ 16ක මුදලක් අවස්ථා කිහිපයකදී ලබාදුන් බවය.

එම මුදල ලබාදීමෙන් පසු ලොකු පැටී නැමැත්තා, ටැටූ මධ්‍යස්ථානය විවෘත කිරීම සඳහා සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තාට ආරාධනා කරන ලෙස දැනුම් දුන් බවත්, ඝාතන සැලසුමක් පිළිබඳ කිසිවක් දැන නොසිටි බවත් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු පාපෝච්ඡාරණය කර තිබේ.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර වෙඩි තැබීමට පැමිණි කාර් රථය අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට අතුරුගිරිය ප්‍රදේශයට රැගෙන එන ලද සැකකරුවන් දෙදෙනෙකු, අපරාධය සිදු කිරීමට පෙර කාර් රථය රඳවාගෙන සිටි සැකකරුවෙකු සහ අපරාධය සිදු කිරීමෙන් පසු සැකකරුවන් පැන යාමට භාවිත කළ වෑන් රථය ඊට පෙර රඳවාගෙන සිටි සැකකරුද වෙයි.

මෙම සියලු සැකකරුවන් වයස අවුරුදු 24, 27, 28, 31 සහ 37 යන වයස්වල පසුවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

මේ අතර සිදුවීමෙන් මියගිය නයන වාසුල නැමැත්තාගේ මෘත ශරීරය අද පෙරවරුවේ මාලඹේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කරනු ලැබීය.

දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතය

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...