Wednesday, May 6, 2026
spot_img
spot_img

අතුරුගිරිය වෙඩිතැබීම: ටැටූ ශොප් හිමිකරු ඇතුළු 6ක් අත්අඩංගුවට

අතුරුගිරිය මංසන්ධියේ ටැටූ ව්‍යාපාරික ස්ථානයක් තුළ සිදු වූ වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ තවත් අයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි හිමිකරු ඇතුළු 6 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, අත්අඩංගුවට ගත් පිරිස අතර වෙඩික්කරුවන්ට ප්‍රවාහන පහසුකම් ලබාදුන් පුද්ගලයින් ද වන බවයි.
කෙසේ වෙතත් වෙඩි තැබීම පිළිබදව විමර්ශනය කිරීම සදහා විශේෂ පොලිස් කණ්ඩායම් 10 ක් ද පත් කර තිබෙනවා.

වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් පලා ගිය වැන් රථයද කළුතර – බුලත්සිංහල – දෙමැල්ල ප්‍රදේශයේ තිබියදී පොලිසිය ඊයේ රාත්‍රියේ සොයා ගත්තා.
සැකකරුවන් වෙඩි තැබීම සදහා මෝටර් රථයකින් පැමිණ තිබූ අතර එම මෝටර් රථය කඩුවෙල කොරතොට ප්‍රදේශයේ දමා මොවුන් පසුව වැන් රථයකින් පලාගොස් තිබුණා.

කෙසේවෙතත් සැක කරුවන් අදාළ වෑන් රථයද මහ මඟ දමා තවත් මෝටර් රථයකින් පලා ගොස් ඇති බවටයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ.
සැකකරුවන් පලා යෑම සදහා උපයෝගී කර ගත් සියලූම වාහන වල අංක තහඩු ව්‍යාජ ඒවා බවට අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම වෙඩි තැබීම සඳහා පැමිණි මෝටර් රථය එකළස් කරන ලද මෝටර් රථයක් බවයි පොලිසිය සදහන් කළේ.

අතුරුගිරිය මංසන්ධියේ ටැටූ ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තා සහ ගායන ශිල්පිනී කේ. සුජීවා ඇතුළු පිරිසක් පැමිණ තිබුණා.

එම ව්‍යාපාරික ස්ථානය විවෘත කරන අතරතුර, ඊයේ පෙරවරු 10.30ට පමණ එහි පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු මෙම පිරිස ඉලක්ක කර වෙඩි තබා තිබූ බවයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වුණේ.

සුදු පැහැති මෝටර් රථයකින් එම ස්ථානයට පැමිණි වෙඩික්කරුවන් මෝටර් රථයෙන් බැස ව්‍යාපාරික ස්ථානය පිහිටි උඩුමහලට ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් රැගෙන එහි සිටි පිරිසට වෙඩි තබන අයුරු සී.සී.ටී.වී කැමරාවේ පටිගතව තිබුණා.

වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරුවන් ඔවුන් පැමිණි මෝටර් රථයෙන්ම පළා අයුරු ද එහි සටහන්ව තිබුණා.

ජන්පිය ගායන ශිල්පිනී කේ. සුජීවා සහ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු 06 දෙනෙකු මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අතර, ඔවුන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ 55 හැවිරිදි ක්ලබ් වසන්න නමැත්තා සහ 38 හැවිරිදි ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයා එහිදී ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය සඳහන් කළේ.

ක්ලබ් වසන්ත නමැත්තාගේ බිරිඳ ද මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අතර 42 හැවිරිදි ඇය හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 26 හැවිරිදි තරුණියක් ද එම රෝහලේම ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළා.

වෙඩි වැදීමෙන් වම් පාදයට බරපතල තුවාල සිදු වූ ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා සහ තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කෙරුණා.

ගායන ශිල්පිනී කේ. සුජීවා මේ වන විට ශල්‍යකර්මයෙන් පසු සාමාන්‍ය වාට්ටුවකට යොමු කර ඇති බවයි කොළඹ ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...