spot_img
spot_img

ලෙඩ වෙන රාජ්‍ය සේවය

රාජ්‍ය සේවය නියෝජනය කරමින් වෘත්තීය සමිති 200 කට අධික සංඛ්‍යාවක් අද (08) සහ හෙට (09) දිනයන් හීදී අසනීප නිවාඩු දමා සංකේත වැඩ වර්ජනයක නිරතවන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

තැපැල්, මිනින්දෝරු, ගොවි නියාමක, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර කීපයක රාජ්‍ය නිලධාරින් අද දිනයේ වැඩ වර්ජනයේ නිරතවීමට නියමිතයි.

රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සංගමයේ සභාපති එන්.එම් විජේරත්න මහතා පැවසුවේ, වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහාය පළ කරමින් ඊයේ (07) පස්වරු 4 සිට තැපැල් සේවකයින් ද වර්ජනයක නිරත වන බව ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළා.

එමෙන්ම ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතා පැවසුවේ, ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද දිනයේ සේවයට වාර්තා කළ ද හෙට දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇති බවයි.

මේ අතර, සෞඛ්‍ය කේෂ්ත්‍රයට අදාළව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ හෙද සංගම් මෙම වර්ජනයට සහාය නොදීමට මේ වනවිටත් තීරණය කර තිබෙනවා.

ඒ අනුව, සෞඛ්‍ය කේෂ්ත්‍රයේ කටයුතු ගැටලුවකින් තොරව සිදුකෙරෙණු ලබනවා.

කෙසේ වෙතත්, අද දිනයේ දී වෘත්තීය සමිති නියෝජිතයින් සිදු කිරීමට නියමිත වර්ජනය හේතුවෙන් රාජ්‍ය සේවය අකර්මන්‍ය වීමේ අවදානමක් මතුව තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...