spot_img
spot_img

ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පාලනය කරනු ලබන ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් පුද්ගලයින් 16 දෙනකු මියගොස් ඇති බවයි.

අවතැන් කඳවුරක්ද සමග පිහිටුවා ඇති එහි රඳවා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 7000 ක් පමණ වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

සරණාගත කඳවුරක පිහිටි පාසලකට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කළ හතරවන අවස්ථාව මෙය වනවා.

ඊට අමතරව නුසෙරාට් සරණාගත කඳවුර ආසන්නයට එල්ල වූ තවත් ඊශ්‍රයාල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් දස දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා.

ඊශ්‍රායෙල ප්‍රහාර වලින් මිය ගිය අය අතර ප්‍රාදේශීය මාධ්‍යවේදීන් 5 දෙනෙකුද සිටින බවයි හමාස් සංවිධානය සඳහන් කළේ.

ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට මාස 09 ක් වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...