spot_img
spot_img

මන්ත්‍රීවරු 160 න් 100 ක් වත්කම් බැරකම් ප්‍රකාශ තාමත් භාර දී නෑ. – අල්ලස් කොමිසම සීරුවෙන්..! ඇමතිලා සහ නියෝජ්‍ය ඇමතිලා ගැන තවමත් වාර්තා වී නැහැ

ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු හැර අනෙක් මන්ත්‍රීවරු සෑම වසරකම ජූනි මාසයේ 30 වන දා ට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට භාර දිය යුතුව තිබෙනවා.

ඒ අනුව, ඇමතිවරු සහ රාජ්‍ය අමාත්‍යවරු නොවන මන්ත්‍රීවරු සංඛ්‍යාව 160 දෙනෙකු වන අතර, එම පිරිසෙන් නියමිත කාලය තුළ වත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට ලබා දී ඇත්තේ හැට දෙනෙකු පමණක් බවටයි වාර්තා වන්නේ.

මෙසේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් මන්ත්‍රීවරු පිළිබදව පාර්ලිමේන්තු බළධාරීන් විසින් අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබෙනවා.

ඇමතිවරු සහ රාජ්‍ය අමාත්‍යවරු ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙනු ලබන්නේ ජනාධිපති ලේකම්ටයි.
නිසි ලෙස සිය අදාල අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු ජනාධිපති ලේකම්ට එම තොරතුරු වාර්තා කර ඇද්ද යන්න තවමත් හෙළි වී නැහැ

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...