spot_img
spot_img

ලාංකිකයින් 11ක් අරාබියෙන් පිටුවහල් කරලා

එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ සයිබර් අපරාධවල නියැලීම හේතුවෙන් එරටින් පිටුවහල් කල ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසා ඇත්තේ අද (06) උදෑසන ඔවුන් දිවයිනට පැමිණි බවයි.

පසුගිය ජූලි 01 වනදා කලීජ් ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපියක් මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයිබර් අපරාධවල නිරත වූ දකුණු ආසියාතිකයන් සහ අප්‍රිකානුවන් සිය ගණනක් එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කර තිබුණා.

ඒ අනුව, එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සිදුකළ සොයා බැලීමේදී ශ්‍රී ලාංකිකයන් 37 දෙනෙකු ද සයිබර් ජාවාරමේ සහ ගණිකා ජාවාරමේ නිරත වීම ඇතුළු විවිධ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබූ බව වාර්තා වුණා.

ඉදිරි පොලිස් විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසු අනෙකුත් ශ්‍රී ලාංකික පිරිසද සති දෙකක් තුළ මෙරටට පිටුවහල් කිරීමට කටයුතු කරන බව තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙම පිරිස දිවයිනට පැමිණීමෙන් පසු ඉදිරි විමර්ශන කටයුතු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සිදු කිරීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...