Thursday, May 7, 2026
spot_img
spot_img

වැඩිම වියදම ආරක්ෂක අංශවලට

පසුගිය වසරේ මධ්‍යම ආණ්ඩුවේ සෙසු සියලු සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වැය කළ මුදලට ආසන්න මුදලක් පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ වැටුප් සඳහා වැය කර ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල සඳහන් වන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පවසා තිබෙනවා.

මධ්‍යම ආණ්ඩුවේ සෙසු අංශවල සේවකයන්ට පසුගිය වසරේදී වැටුප් සඳහා රුපියල් කෝටි 32729 ක් වැය කරද්දී ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ සාමාජිකයන්ට වැටුප් ගෙවීම සඳහාපමණක් එම වර්ෂයේදී රුපියල් කෝටි 31200ක් වැය කර ඇති බවද මහාචාර්යවරයා එහිදී සදහන් කර තිබුණා.

එසේම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන්ට පසුගිය වසරේ වැටුප් ගෙවීමට වැය කළ මුදල පළාත් පාලන ආයතන වල සියලුම සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා එම වසරේදී වැය කළ මුදලට වඩා වැඩි බවද ඔහු සඳහන් කළ බවටයි ලංකාදීප වාර්තා කර ඇත්තේ.

පළාත් පාලන ආයතන සේවකයන්ට පසුගිය වසරේදී වැටුප් ගෙවීමට වැය කර ඇති මුදල රුපියල් කෝටි 30021 ක් බවද වසන්ත අතුකෝරළ මහතා පවසා තිබෙනවා.

හමුදා සහ පොලිස් සාමාජිකයන්ට පසුගිය වසරේදී ගෙවූ වැටුප රාජ්‍ය සේවයේ වැටුප්වලින් සියයට තිස්තුනක් බව පැවසූ මහාචාර්යවරයා පසුගිය වසර පහේ දී ආරක්ෂක අංශවල වැටුප් ගෙවීමට වැය කරන මුදල සියයට දාහතකින් වැඩි වී ඇතැයිද එහි සදහන්.

ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්ට වැටුප් ගෙවීම සඳහා පසුගිය වසරේදී රුපියල් කෝටි 21787 ක්ද පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන්ට වැටුප් ගෙවීම සඳහා රුපියල් කෝටි 9413ක්ද වැය කර ඇති බවත් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ වැටුප් ගෙවීම සඳහා මෙපමණ මුදලක් දරද්දී රජයේ ආයතනවල ආරක්‍ෂාව සඳහා පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් බඳවාගෙන වෙනම වැටුප් ගෙවා ඇති බවත් අතුකෝරළ මහතා සදහන් කර තිබෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...