Thursday, June 4, 2026
spot_img
spot_img

“ජයිකා” ගනුදෙනුව ගැන පිළිතුරු බදින්න නීතිඥ සංගම් සභාපති විමර්ශන කමිටුවට

දූෂණ මර්දන ව්‍යාපෘතියක් සඳහා ජපානයේ “ජයිකා” ආයතනයෙන් ලැබුණු රුපියල් කෝටි 2 1/2කට ආසන්න මුදලක් සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් තොරව කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ පංච පුද්ගල කමිටුව හමුවට අද (05) ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍යය නවරත්න මහතා කැඳවා ඇති බව වාර්තා වනවා.

ඒ අනුව, සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ පංච පුද්ගල ජනාධිපති නීතිඥ කමිටුව නීතිඥ සංගම් මුලස්ථානයේදී අද පස්වරු 3.00ට රැස්වීමට නියමිතයි.

නීතිඥ සංගමය තුළ දැඩි මතභේදයකට තුඩුදුන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට එම සංගමයේ (Bar council) කේ. කනගීෂ්වරන්, ෆයිස් මුස්තාෆා, ඉක්‍රම් මොහොමඩ්, රියන්සි අර්සකුලරත්න සහ ජෙෆ්රි අලගරත්නම් යන ජනාධිපති නීතිඥයින්ගෙන් සමන්විත කමිටුව පත්කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර මාස 02ක කාලයක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙසයි Bar council ය පංච පුද්ගල කමිටුවට නියම කර ඇත්තේ.

අදාළ ගනුදෙනුවේදී විනිවිධභාවයෙන් තොරව කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ සභාපති කෞෂල්‍යය නවරත්න මහතාට දැඩි ලෙස චෝදනා එල්ල වූ අතර, ඒ හේතුවෙන් පංච පුද්ගල කමිටුවේ විමර්ශන අවසන් වනතුරු නීතිඥ සංගමයේ සභාපති ධුරයේ රාජකාරිවලින් තාවකාලිකව ඉවත්වීමටද ඔහු මේ වන විට කටයුතු කර තිබෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...