ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ විශ්මි ගුණරත්න ජූනි මාසය සඳහා වන ICC කාන්තා ක්‍රීඩිකාව වෙනුවෙන් වන නිර්දේශ අතරට තේරී පත්ව තිබෙනවා.
2023 ICC වයස අවුරුදු 19න් පහළ කාන්තා T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළේ ද විශ්මි ගුණරත්නයි.
18 හැවිරිදි විශ්මි සමග නිර්දේශ වී සිටින අනෙක් ක්‍රීඩිකාවන් දෙදෙනා වන්නේ එංගලන්තයේ Maia Bouchier සහ ඉන්දියාවේ ස්ම්‍රීති මන්දනායි.
විශ්මි ගුණරත්න පසුගියදා නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලියේ දී දස්කම් ප්‍රදර්ශනය කළ අතර ඇය එම තරගාවලියේදී ලබාගත් ලකුණු 134 සඳහා 44.66ක දළ ලකුණු ලබා ගැනීමේ වේගයක් සහ 83.22ක පහර දීමේ වේගයක් වාර්තා කළා.
ඒ හේතුවෙන් තරගාවලියේ වීරයා ලෙස ද නම් කරණු ලැබුවා.
ඇය පිළිවෙළින් ලබාගත් ලකුණු 40,50 සහ 44 ශ්‍රී ලංකාව එම එක්දින තරග තුනම ජයග්‍රහණය කිරීම වෙනුවෙන් සැලකිය යුතු දායකත්වයක් ලබාදී තිබුණා.
එය 2008න් පසු ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව වාර්තා කළ පූර්ණ තරගාවලි ජයක් ද වනවා.
බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට සිය දස්කම් දිගටම පවත්වා ගනිමින්, ලකුණු 136ක් හඹා යෑමේ දී විශ්මි ලබා ගත් ලකුණු 35ක ප්‍රමාණය කණ්ඩායමේ වැඩිම ලකුණු ප්‍රමාණයද වුණා.
T20 තරඟාවලියේ ලකුණු 61ක් සමඟින් විශ්මි ජූනි මාසය අවසන් කළේ මුළු අන්තර්ජාතික ලකුණු 195ක් සමඟිනි.




